සංඝරාජ මාහිමියන් 1753 සිට 1778 දක්වා පුරා වසර විසිපහක කාලයක් සඟරජ පදවිය දැරූහ.වර්තමාන ජාතික පිබිදීමේ ආදී කතුවරයාණන් වූ උන්වහසේ සිය සාමය බස රැස උදෙසා මුළු දිවියම කැප කර සේවය කළ සිංහල වීරයන් කෙරෙන් අග්‍රගන්‍ය වෙතයි කියතොත් මනාය.නොයෙකුත් විරුවන් සමරන මේ කාලයේ උන් වහන්සේට නිසි උපහාරය ලැබුනේද යන්න කුකුසකි.කෙසේවෙතත් උන් වහන්සේ අප ආගම දහම රට දැය වෙනුවෙන් කළ අමිල මෙහෙවර සදා අනුස්මරනීයි.උන් වහන්සේ එදා මේ මිහිමත පහල නොවුයේනම් මේ වන විටදී ඇති උතුම් බුදු දහම මේ මිහිමත ඉතිරි වේ යයි සිතීමද උගහටය.එදා සංඝරාජයන් වහන්සේ කන්ද උඩරට දැල් වූ නැණ පහන සියල් සිරිලකම එකලු කළේය.එයින් එලිය දුටුවෝය.උඩ පාත දෙරටෙහිම සතර එලි පැතිර වුවෝය.
තුම්පනේ වැලිවිට නම් ගමේ කුලතුංග යන අන්වර්ථ නාමයෙන් එහි රදළ පව්ලක් විය.එහි ආදී පුරුෂයානෝ වෙල්ලස්ස දිසාව කරවූ ප්‍රභූ වරයෙක් විය.1620 පොසොන් මස උන් වහන්සේගේ උප්පත්තිය සිදුවිය.කුඩා කළ කුලතුංග එරමුදලිගේ උපාසක රාල නම කෙනෙකුගෙන් ශිල්ප ශාස්ත්‍ර උගත්තේය.කුදක්ලම ආගම දහමට නැඹුරු වූ බැවින් පන්සල බෙහෙවින් ඇලුම් කළ මහන දම් රැකීමට ආශා කළේය.සූරියගොඩ හිමියන් දෙවන් විමලධර්මසුරිය රජුගේ ප්‍රධානත්වයෙන් 1697 දී බුරුම ජාතික තෙරුන්ගේ ද සහය ඇතිව පැවත් වූ උපසම්පදා වාරයේදී පැවිදි බවට පත්විය.
තමන්ද වත පිළිවෙත උගෙන අන් අයටද ඒවා බෙදාදීම උන් වහන්සේගේ මුඛ්‍ය පරමාර්ථය විය.වතපිලිවෙත දැක්වෙන පොත පත ලියවී තිබ්නේ පාලි භාෂාවෙනි.එබැවින් සියල්ලටම පෙර පාලි භාෂාව ඉගනීමට ගුරුවරයෙකු සොයන විටදී ලෙව්කේ රාලහාමි නමත්ත්කු හමු විය.ලෙව්කේ රාලහාමි වටබුළුවේ මහා තෙරුන්ගේ ගෝලයෙකි.පසු කලෙක ලෙව්කේ රාජ උදහසින් සිරගත විය.කෙසේ හෝ පාලි භාෂාව ඉගෙනීමට ඒ අසල ගල් ලෙනක නැවතී හිද මහත් දුෂ්කරතා මද පාලි භාෂාව උගත්හ.
ඉන් පසු ආරම්භ කෙරුනු සසුන රැකීමේ මහා මෙහෙවර ආරම්භ කෙරිණි.
(මුලාශ්‍ර :- මාහාචාර්ය ආනන්ද කුලසූරිය විසන් රචිත ග්‍රන්තයකිනි.)